පෙබරවාරි මස මගේ ජීවිතයේ වැදගත් මාසයක් ලෙස පෙනේ. මා පූජකවරය ලැබුවේ මේ මාසයේදීය. එලෙසම වැදගත් යැයි සැළකිය හැකි විශේෂිත වූ සිද්ධීන් කිහිපයක්ම සිදු වී ඇත්තේ ද මේ මාසයේදීමය.
මෙලෙස අප කාටත් වැදගත් වූ මාසයක් ඇති බව පෙනෙන්නට පුළුවන. ෙජ්සු සමිඳාණන් දෙස හෝ භාග්‍යවන්ත අම්මා දෙස හෝ අප බලන්නට යෙදුනොත්, ඔවුන් වහන්සේට හා එතුමියට වැදගත් වූ දවස් තිබුණු බව අපට දැකිය හැක. ෙජ්සු සමිඳාණන්ට නම් සෑම දවසක්ම වැදගත් වූවත් දුක්ප්‍රාප්තිය, උකුත්වීම, උත්ථානය විශේෂිත වූ බව පෙනේ. ඔවුන් වහන්සේ අබ්බා තාත්තා සමඟ සිටි සේක. එහිදී ෙජ්සු සමිඳාණන් වහන්සේට වඩා වැදගත් වූයේ තම පියාණන් වහන්සේව අත්දැකීම හැර අන් කිසිවක් නොවේ. භාග්‍යවන්ත අම්මාගේ අත්දැකීමද ඊට සමීප විය.
සෑම අවුරුද්දක්ම, මාසයක්ම හා දවසක්ම අබ්බා තාත්තා සමඟ ගැඹුරු ඒකත්වයක් අත්දකින්නට ලැඛෙන කාලයක් බවට පත් වෙනු සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපට මඟපෙන්වන සේක්වා! මක්නිසාද අබ්බා තාත්තා වෙතට මා රැගෙන යා හැකි වන්නේ , ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් බැවිනි.
පූජක සිරි ඔස්කා අබයරත්න පිය.