අද පූජක සිරි ඔස්කා අබයරත්න පිය අප ආදර ස්වාමි තාත්තාගේ 66 වන පූජක සංවත්සර දිනය යි.

03-February-2023

අද පූජක සිරි ඔස්කා අබයරත්න පිය අප ආදර ස්වාමි තාත්තාගේ  66 වන පූජක සංවත්සර දිනය යි. "එතුමා  දිවැසිවරයෙකි.දිවැසිවරයෙකු ව සමාජයට තේරුම් ගත නොහැකි වෙයි.  දිවැසිවරයෙකු ට කිසි දිනක  හොඳක් හිමි නොවෙයි. දිවැසිවරයා ප්‍රතික්ෂේපයට  ලක්වන්නෙකි යැ'යි" අද දින උපදේශක මණ්ඩලයේ රංජනා කවිරත්න අම්මා ප්‍රකාශ කරන ලදී. එබැවින් එතුමා හුදෙක් හොඳ ,යහපත් පුද්ගලයෙක් පමණක් නොව දෙවියන් වහන්සේ වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ පූජකයෙකි. දිවැසිවරයෙකි. ශුද්ධවන්තයෙකි.

එතුමන්ගේ පූජක කැඳවීම තුළින් සිරිලක් කිතුනු ජනතාව ද මහා පිබිදීමේ අත්දැකීමට එනම් සේනාකුළු ශාලාවට ගමන් කිරීමේ භාග්‍යය ලැබුවා ය. එබැවින් පිබිදුණු ජනතාවක් ලෙස එතුමා මෙන් කැපවෙන පූජකයෙක් මෙන් වන්නටත්, දිවැසිවර කාර්යයේ යෙදෙන්නටත්, ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන්නටත් අප වෙනුවෙන් ස්වර්ග රාජ්‍යයේ සිට මැදිහත් වන්නැයි මේ බලගතු දිනයේ අපි යදිමු. එතුමන් වෙනුවෙන් දිව්‍ය පූජෝත්සවය ශ්‍රී ප්‍රශංසාරාමයේ දී පැවති අතර අවසානයේ එතුමන් තැන්පත් කර ඇති පීඨිකය අසල යැදුම් මෙහෙයක්ද පැවැත්විණි.