
අද දින අප ආදර ස්වාමි තාත්තාගේ 91 වැනි උපන් දින වර්ෂ පූර්ණයයි...
06-May-2023දසමසක් මව් කුසයේ රැකවරණය ලැබූ කුඩා බිළිඳකු ක්‍රිස්තු වර්ෂ 1932 වෙසක් මස 05 වන දින එනම්, ජේසු සමිදාණන් සුරලොවට වැඩිය මංගල දින සුර ලොවින් මනුලොවට පිදූ මාහැඟි තිළිණයක් ලෙසින් මෙලොව එළිය දකින්නට වූයේ, වින්සන් අබයරත්න යුවළට කුළුඳුල් පුතුනුවන් ලෙසටය.
අට දෙනෙකුගෙන් යුත් පවුලේ සහෝදර සහෝදරියන් සමඟ දියලගොඩ ග්‍රාමය තුළ හැදී වැඩුනු එතුමන් දෙවියන් වහන්සේගේ සුවිශේෂී සැලැස්මට අනුව ක්‍රිස්තු වර්ෂ 1957 නවම් මස 02 වන දින පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමන් ලෙස පූජාත්වරය අභිෂේකයෙන් ආසිරි ගැන්විණි.
දෙවියන් වහන්සේගේ ක්‍රියාමාර්ග හා සැලසුම්, මනුෂ්‍ය සැලසුම් වලට වඩා උසස් බව සපථ කරමින් අභිරහස්මක වූ දෙවියන් වහන්සේගේ සුවිශේෂී සැලැස්මට අනුව ස්වාමි තාත්තා ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් නව උපතක් ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රදායික රාමුවක එල්බගෙන සිටි කිතුනුවා ශුද්ධාත්ම ස්පර්ශය සමඟින් පිබිදුනු ජීවිත අත්දැකීමකට ඇතුළුවිය.
වෙසක් පොහොය වැනි උතුම් දිනක අප ආදර ස්වාමි තාත්තා ගේ 91 වන ජන්ම දිනය කිතු දන පුබුදු ජනතාව වන අප ශ්‍රී ප්‍රශංසාරාම භූමියේ දී දිව්‍ය පූජෝත්සවය සමඟින් සමරනු ලැබුවේ ස්වර්ගීය උපතට ඇතුළු වී අප උදෙසා නිරතුරු මැදිහත්වන ස්වාමි තාත්තාගේ මෙලොව ජීවිතය වෙනුවෙන් දෙවි මහෝත්තමයාණන් හට ස්තූති ප්‍රශංසා කරමිනි.