සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය - 2023

08-January-2023

සේනාකුළු ශා‍ලාවේ භාග්‍යවන්ත අම්මා සහ අපෝස්තුළුවරුන් හමුවේ වැගිරුණු ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමන මංගලෝත්සවය සේම සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල්‍යත් පුබුදු ජනතාවක් වශයෙන් අපට විශේෂ වේ. මේ අත්දැකීම් තුළින් දේව රාජ්‍යය ගොඩනැගීම සඳහා  අපගේ අධ්‍යාත්මය බලගන්වනු ලබයි.

මෙවර ස්නාපන මංගල්‍යය තුළ අපේ අත්දැකීම වුයේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව අප පෞද්ගලිකව අපගේ මනසේ කොයියම් චිත්‍රයක් සහ අපගේ බුද්ධියේ මොනවගේ දැනුමක්, අවබෝධයක් තිබුණත් උන්වහන්සේ පිලිබඳ ශුද්ධාත්මයාණන් වහන්සේ අනාවරණය කරන දෙය මේ සියලු දේ අබිබවා යනු ලබන බවයි.

ශුද්ධ වූ ත්‍රීත්වික සබඳතාව, ශුද්ධ වූ ත්‍රීත්වික සංඝීකත්වය පුබුදු ජනතාව වන අපගේ ද පරමාදර්ශය කර ගැනීම ඉතා වැදගත්. මුල් කිතුණු සභාවේ සිට ජීවමාන සම්ප්‍රදාය දක්වා ගලා එන දේව ධාර්මික ඉගැන්වීම්, චින්තනය, භාවනාවන් වැනි මේ සියල්ල සමග අපි ශුද්ධවූ ත්‍රිත්වික සබඳතාව දෙස ගැඹුරින් බැලිය යුතුයි. අප ආදර ස්වාමි තාත්තා ශුද්ධවූ ත්‍රීත්වික සබඳතාව පිළිබඳව අප ජනතාවට කර ඇති ඉගැන්වීම් සහ ප්‍රායෝගික අත්දැකීම් අපගේ ජීවිත වලට කොපමණ  සමීප වන්නේද යන්න අපට බෙහෙවින් පෙනි ගිය අත්දැකීමක් විය.

ශුද්ධ ත්‍රිත්වය ම අනාවරණය වූ ජෝර්දාන් නදියේ සමිදාණන්ගේ ස්නාපනය පුබුදු ජනතාව ලෙස අප හට  සුවිශේෂිත වෙයි. මන්ද කිතුදන පුබුදු කැරිස්මා  වේ   අත්දැකීම් දෙකක් ම එනම් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍ර භාවය දෙස බැලීම සහ අපගේ පුත්‍ර භාවය යන  අත්දැකීම් දෙකටම අපව බල ගනු ලබන්නේ සමිදාණන්ගේ ජොර්දාන් නදියේ ස්නාපනය බැවිනි. ජෝර්දාන් නදියේ ශුද්ධාත්ම ස්නාපනයත්  සමඟ  දේවරාජ්‍ය ගොඩනඟමින් දූත මෙහෙවරෙහි යෙදුණු ජේසු සමිදාණන් දේව පුත්‍රයාණන් ලෙස කුරුස ගසේ තම ජීවිතයම ( පණ පුදමින් මරණය දක්වා) පූජා කිරීමට බලය ලැබුවේ ජෝර්දාන් නදියේ ශුද්ධාත්ම ස්ථාපනය සමගිනි.

එබැවින් පුබුදු ජනතාවක් ලෙස ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් ප්‍රකාශ වන පුත්‍රභාවය දෙස බැලීමට අපහට සුවිශේෂී කැඳවීමක් ලැබී ඇත. සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල්‍යයට පුබුදු ජනතාවක් වශයෙන් මෙලෙස ප්‍රධානත්වයක් දෙමින් සෑම වසරකම මෙලෙස සමරනු ලබන්නේ අවුරුද්දක් පාසාම ක්‍රිස්තුන් වහන්සේගේ පුත්‍රභාවයේ බලය අත්දකිමින් පියාණන් වහන්සේට ප්‍රශංසා කරන්න ඇති මහත් අත්දැකීමක් බැවිනි.

මෙලෙස කිතු දන පුබුදු ජනතාවක් වශයෙන් අප සැවොම අපේ සාංඝීකයන් හී සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල මහෝත්සවයට සම්බන්ධ වෙමින් මෙම  අත්දැකීමට ඇතුළු වූවෙමු.