2023 වසරේ කිතු දන පුබුදු වගකීම් දරන්නන්ගේ ප්‍රථම ත්‍රෛමාසික කඳවුර

15-January-2023

2023 වසරේ ප්‍රථම ත්‍රෛමාසික කඳවුර පසුගිය ජනවාරි 14, 15 දෙදින පුරා ශ්‍රී ප්‍රශංසාරාමයේ දී පැවැත්විණි. සේනාකුළු ශාලාවේ අත්දැකීමට පිවිසෙන්නට ලත් ගාම්භීර කැඳවුම මෙන්ම, ශුද්ධාත්ම රිද්මයට  ගමන් කරන්නට කිතු දන පුබුදුව ලත් වරප්‍රසාදිත ඇරයුම ඉදිරිපිට වචනයෙන් හා ප්‍රශංසාවෙන් පෙනී සිටින්නට, දෙස් විදෙස් පුබුදු සංඝ වල වගකීම් දරණ, ප්‍රශංසාරාමයට එක් වූ පුබුදු ජනතාවට සහ ශ්‍රී ලංකාව සිසාර පැතිර සිටින කිතු දන පුබුදු ජනතාවගේ අත්දැකීම විය යුතු බව පසක් කරමින් තෛමාසික කඳවුරට වගකීම් දරන සියලු දෙනා යොමු කරන ලදි.

 

එමෙන්ම අඩ සියවසක් පුරා ශ්‍රී ලක් සභා කෙත අස්වද්දමින් ශුද්ධාත්මයාණන් වහන්සේම රැගෙන ආ කිතු දන පුබුදුවේ 52 වන වසර අරඹමින්, දේව අනාවරණයේ බලගතු ප්‍රකාශනයක් ලෙසින් ලද වාර්ෂික තේමාව ප්‍රකාශයට පත් කිරීම ද ගාම්භීරව සිදු කරන ලදි. කිතු දන පුබුදු දිවැසි එකතුවේ බියට්‍රිස් බෙන්හර් අම්මා විසින් ත්‍රෛ භාෂාවෙන්ම එළි දක්වනු ලදුව ජනතාවගේ ගාම්භීර අත්පොළසන් හඩ සහ මහ ප්‍රශංසාව එක්ව එම වාර්ෂික තේමාව පිළිගන්නා ලදී.

ත්‍රෛමාසික කඳවුර තුළදී  සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් ලෙස කිතු දන පුබුදු ශීෂ්‍ය පුතුන්ගේ නව සහයක එකතුව ප්‍රකාශයට පත් කීරීම ද සිදු කෙරිණි.

ඒ අනුව,

තිළිණ සමාල් සුබැඳි සොහොයුරාගේ මගපෙන්වීම යටතේ,

නෙත්මාල් ජූඩ් පුතා    -   රාගම සාංඝීකය (මූලික වගකීම)

මාක් අල්මේදා පුතා     -   කොළඹ සාංඝීකය

උදාර තුලක්ෂණ පුතා  -   පාලකුඩාව සාංඝීකය

සුදත් තිළිණ පුතා        -   හලාවත සාංඝීකය

තිසුන් අසිංෂ පුතා        -   රාගම සාංඝීකය

මිෂේන් රසාංගපුතා     -   මීගමුව සාංඝීකය

 

යන ශිෂ්‍ය පුතුන්, සහයක එකතුවක් ලෙස පත්වීම සිදු වූ අතර කිතු දන පුබුදුවේ දිවැසි  එකතුව සහ උපදේශන මණ්ඩලය විසින් ඔවුන් මත ශුද්ධාත්ම ආලේපනයක් පතා මැදිහත් වූහ.