පුබුදු ජනතාවගේ වාර්ෂික රැළිය ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය යි. දෙවන වතිකාන කතිකාවතෙන් පණ ගැන්වූ සභා නවෝදයේ පෙරළිකාරයාණෝ ශුද්ධාත්මයාණන් වහන්සේම ය. දේව වන්දනා වසර තුළ පෙන්තකොස්ත මංගල්‍යය තවත් එක් සැමරුම් මංගල්‍යයක් පමණක් වී තිබූ යුගයක ශුද්ධාත්ම පෙරළියේ බලමහිමයෙන් ජීවිත කලඹන, ජීවිත එතෙර කරවන අත්දැකීමක් මෙරට කිතුණුවා ස්පර්ශ කරන්නේ ශුද්ධාත්ම මහා මංගල්‍යයත් සමඟිනි. කිතු දන පුබුදුව ආරම්භක වසර 1971 ලෙස සනිටුහන් වුවද සංවිධානාත්මක ව ශුද්ධාත්ම රැළිය පැවැත්වූ ආරම්භක වසර 1975 වසරයි. එම වසරේ සිට සෑම වසරකම ප‍්‍රධාන තේමාවක් මුල් කරගෙන ශ‍්‍රී ලංකාද්වීපය පුරා විසිරී පැතිරී සිටින ජනතාව ඒකරාශි වන කිතු දන පුබුදු ජාතික මංගල මහෝත්සවය මෙය වේ. ඉතිහාසය පුරා වාර්ෂික තේමාව අනාවරණයක් බව පුබුදු ජනතාවගේ විශ්වාසයයි. වසර 49 ක් පුරා පුබුදු ජනතාවට ලැබී තිබෙන තේමාවන් වාර්ෂිකව ජීවත්වීම සඳහා ලැබෙන දේව වචනයක් කොට පිළිගනු ලබයි. මෙම වචනය තුළ වසර පුරා ජීවත් වීමට විවිධ මගපෙන්වීම්, පණිවිඩ ලබා දෙන වැඩ පිළිවෙලක් කිතු දන පුබුදු සම්ප‍්‍රදාය තුළම ගොඩනැගී ඇත.

ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සව වාර්ෂික තේමාවන්
වසර තේමාව
1975 මෘදු සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය
1976 සමිඳුන් සමඟින් සභාව ගොඩනඟමු!
1977 යන්න! සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න!
1978 ඔවුන් වහන්සේගේ තේජශ්‍රීය දුටිමු!
1979 සොහොයුර - සොයුරිය! ඔබ තුළ කිතු සමිඳුන් දකිම් මම්!
1980 ඔබගේ රාජ්‍යය පැමිණේවා!
1981 ඔබ ශ්‍රී නාමය සුවිශුද්ධ වේවා!
1982 අබ්බා තාත්තා!
1983 අබ්බා අම්මා!
1984 ප‍්‍රසන්න වෙමි මම පුතුනි මගේ!
1985 ඔබ මාගේ පුත‍්‍රයා ය; මම අද ඔබ ජනිත කළෙමි!
1986 සත්‍යය ඔබව නිදහස් කරයි!
1987 මා අනුව එන්න; මම ඔබ ආලේප කරමි!
1988 යුක්තිය උදෙසා පීඩා විඳින භාග්‍යවතුනි, මම විගස එමි!
1989 කිතුනුවෙනි, දිළිඳුන්ගේ සභාව වෙමු අපි!
1990 සොරකම් නොකරව්!
1991 ජේසුස් කි‍්‍රස්තුන් වහන්සේ එකම ස්වාමියාණෝ ය!
1992 අපි මරිය තුමිය වාගේ වෙමු!
1993 ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්න!
1994 මා කළා සේ ඔබත් සෝදන්න පාද එකිනෙකාගේ!
1995 සමිඳාණන්ගේ මහිමාලංකාරය ඔබ පිට බැබළේ!
1996 අපට නොව, අපට නොව මහිමය ඔබටයි!
1997 ඇවිත් බලන්න!
1998 රාජ්‍යය සඳහා ජනතාවක්!
1999 ස්තූතියි පියාණෙනි!
2000 මම ඔබ ගැන ප‍්‍රසන්නයි පුතේ, තාත්තේ!
2001 මනුෂ්‍ය පුත‍්‍රයා - දේව පුත‍්‍රයා!
2002 මෙන්න ඔබේ අම්මා!
2003 මට පිපාසයි!
2004 වෙරළේ නොරැඳී දියඹට දියත් කරන්න!
2005 ඔබ ලෝකයෙහි සිටියත්, ලෝකයට අයිති නැත!
2006 වඩිනු මැනවි මැවුම්කරුවාණන් වූ සුදතුනි, සමූලික පරිණාමනයක් සඳහා!
2007 ඔබ වහන්සේ අභිමුව පෙනී සිටිමි!
2008 එන්න! යන්න! එහෙත් ඉන්න!
2009 චතුරාර්ය ප්‍රේමය අපි භෝජනය කර ගනිමු!
2010 ඔබ වහන්සේගේ කැමැත්ත හැර මට අන් කිසිත් නැත!
2011 ශුද්ධාත්මයාණෙනි, මම ඔබ වහන්සේට වන්දනා නමස්කාර කරමි, මා කළ යුතු දේ කුමක් දැයි මට අණ කළ මැනව!
2012 ඔබ වහන්සේගේ වචනය හැර අන් කිසිත් නැත!
2013 සමිඳුනි, ඔබ වහන්සේගේ විශ්වාසය මට - අපට...!
2014 සමිඳුනි, ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබමු!
2015 සමිඳුනි, ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් බිඳක් අපට ඇත්නම්!
2016 සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන සේක. අවදිවන්න!
2017 ඔබ වහන්සේගේ ශුද්ධවූ කැමැත්ත අපට හෙළි කළ මැනව!
2018 ඔබ වහන්සේගේ වචනය ද කැමැත්ත ද ගින්නකි; ආශීර්වාදයකි!
2019 අබ්බා තාත්තේ! අබ්බා අම්මේ!
2020 මරියෝත්තමාවෙනි! පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේ ය!
2021 ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ස්වාමියාණෝ ය!
2022 සේනාකුළු ශාලාවට ඇතුළු වී ශුද්ධාත්මයාණන් වහන්සේගේ රිද්මයට පා තබමු