ජෙරිකෝ  පා ගමන, කොළඹ  විහාරමහාදේවි උද්‍යානය වටා කිතු දන පුබුදු  ජනතාවගේ සහභාගිත්වයෙන් ගමන් ගැනිණි.

02-March-2023

මනස්තාපනයෙන් යුතුව අධ්‍යාත්මික බලය අත්විඳිමින් සංවිධානය වූ ජෙරිකෝ  පා ගමන පසුගියදා කොළඹ  විහාරමහාදේවි උද්‍යානය වටා ප්‍රධාන මාර්ගයේදී කිතු දන පුබුදු  ජනතාවගේ සහභාගිත්වයෙන් ගමන් ගැනිණි.

දේශයක් මෙන්ම ශ්‍රී ලාංකේය  ජනතාවක් ලෙස  මුහුණ දී සිටින අභියෝග හමුවේ පිබිදුණු කිතුනු ජනතාවක් ලෙසින් දෙවි මහෝත්තමයාණන් හමුවේ ගැයුමෙන් ප්‍රශංසාවෙන් හා මැදිහත් යැදුමෙන් යුතුව සාංඝීක රැසක ජනතාවෝ මීට එක් රොක් වූහ.

පා ගමනින් පසු එළිමහන් රංග පීඨයට රොක්  වූ ජනතාවෝ මහා ප්‍රශංසාවකින්  යුතුව මැදිහත් යැදුමකට හා මනස්තාපනයෙන්  යුතුව අධ්‍යාත්මික බලය මුදා හැරීමේ මෙහෙයකට පිවිසිය හ.