2022 නත්තල් පණිවුඩය
කිතු දන පුබුදුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කිතු දන පුබුදුව ගොඩනැගීමට ශුද්ධාත්මයාණන් වහන්සේගේ දෑතේ ආයුධයක් වූ පූජක සිරි ඔස්කා අබයරත්න පිය (ස්වාමි තාත්තා) මෙලෙස සඳහන් කරයි. "පුබුදුව මානුෂික නියාමකත්වයකින්, සැලසුම් කිරීමෙන් හෝ වැඩසටහන් සම්පාදනයෙන් බැහැරව දෙවියන් වහන්සේගේම මා හැඟි ක්‍රියාවක් තුළින් බිහි වවූ කි. එය සිදු විය. 1971 මැයි මාසයේ අග හරියේ පමණ විය හැකි ය. එහි ආරම්භය නිශ්චිත මාසයක, දිනයක සිදු වී යයි කිව නොහැක. මගේත් බොහෝ දෙනකුගේත් විශ්මයට එය සිදුවිය".
යාච්ඤාවට අත්වැල
March 2023
ජේසු සමිඳාණන් වහන්සේගේ මුළු ජීවිතය ම එකම පාස්කු සිද්ධියකි. එහි ආරම්භය මාංශගත වීමෙන් ද, විශේෂයෙන් ජොර්දානයේ බෞතිස්ම ස්නාපනයෙන් ද සමන්විත ය. එම ගමනේ විශේෂ සිද්ධීන් ලෙස බෞතිස්ම ස්නාපනය , පරික්ෂාවන්, අන්‍යරූප විලාශ වීම, මල් උයනේ දුක් විඳීම, මරණය, උත්ථානය සහ පෙන්තකොස්තය සැලකිය හැකි ය.
සැම සිද්ධියක් ම මරණයේ සහ උත්ථානයේ බර උසුලන අතර, ඉන් එකක් හෝ අනිකක් කාසියේ දෘශ්‍යමාන මතුපිට විදහා දක්වයි. උත්ථාන වූ සමිඳුන්ගේ සිරුරේ තුවාල පහක් තිබේ. මරණයට පත් වෙමින් සිටින කි‍්‍රස්තුන් වහන්සේ දෙස කුරුස පාමුල සිට නෙත් යොමු කරන ශතාධිපතියා මෙසේ පවසයි:
"සත්‍ය වශයෙන්ම මොහු දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා ය."
ජොර්දානයේ බෞතිස්ම ස්නාපනයේදී ”ඔබ මාගේ පේ‍්‍රමවන්ත පූත‍්‍රයා ය” යන වචනය ඔවුන් වහන්සේගේ සිහිය තුළට ඇතුළු විය. යෙසායා 42:4-7 කොටසෙහි එය එසේම සටහන්ව තිබේ
උපුටා ගැනීම:පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමන්ගේ ආත්මික දින පොතෙනි.
පුබුදු පුවත්
21-March-2023
![]()
පුබුදු ජනතාවක් ලෙස අප ඉදිරිපිට තිබෙන සියලු අන්ධකාරයන් ද අභියෝගයන් ද මුල් කරගෙන සත් සතියක් පුරා ජෙරිකෝ පාගමනෙහි යෙදුණ පුබුදු ජනතාව මෙවර කඳවුරේ සෙනසුරාදා දින සත්වන දිනය ලෙස ජෙරිකෝ පාගමනෙහි යෙදෙමින් කිතු දන පුබුදුව උදෙසා ගැඹුරු මැදිහත්වීමක යෙදුණි....
තව කියවන්න
|
02-March-2023
![]()
අධ්‍යාත්මික බලය දේශය වෙත මුදාහැරීමේ ජෙරිකෝ පා ගමන, කොළඹ විහාරමහාදේවි උද්‍යානය වටා කිතු දන පුබුදු ජනතාවගේ සහභාගිත්වයෙන් ගමන් ගැනිණි....
තව කියවන්න
|
04-February-2023
![]()
ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරදගුරු අති උතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ සදා ආනන්දයේ වැජඹේවා !...
තව කියවන්න
|
03-February-2023
![]()
අද පූජක සිරි ඔස්කා අබයරත්න පිය අප ආදර ස්වාමි තාත්තාගේ 66 වන පූජක සංවත්සර දිනය යි. "එතුමා දිවැසිවරයෙකි.දිවැසිවරයෙකු ව සමාජයට තේරුම් ගත නොහැකි වෙයි. ...
තව කියවන්න
|
15-January-2023
![]()
2023 වසරේ ප්‍රථම ත්‍රෛමාසික කඳවුර පසුගිය ජනවාරි 14, 15 දෙදින පුරා ශ්‍රී ප්‍රශංසාරාමයේ දී පැවැත්විණි. සේනාකුළු ශාලාවේ අත්දැකීමට පිවිසෙන්නට ලත් ගාම්භීර කැඳවුම මෙන්ම ...
තව කියවන්න
|
08-January-2023
![]()
මෙවර ස්නාපන මංගල්‍යය තුළ අපේ අත්දැකීම වුයේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳව අප පෞද්ගලිකව අපගේ මනසේ කොයියම් චිත්‍රයක් සහ බුද්ධියේ මොනවගේ දැනුමක්, අවබෝධයක් තිබුණත් උන්වහන්සේ පිලිබඳ ශුද්ධාත්මයාණන් වහන්සේ අනාවරණය කරන දෙය මේ සියලු දේ අබිබවා යනු ලබන බවයි...
තව කියවන්න
|
24-December-2022
![]()
පිබිදුණු ජනතාවක් ලෙස ශ්‍රී ප්‍රශංසාරාමය භූමිය තුළ දින තුනක් පුරා, දෙසැම්බර් 22 වෙනිදා සිට 24 වෙනිදා මධ්‍යම රාත්‍රී මංගල දිව්‍ය යාගය දක්වා නේවාසිකව රැඳෙමින් නත්තලේ සැබෑ අර්ථය අවබෝධ කරගනිමින් මාංශගත වීමේ ගැඹුරු අභිරහසට ඇතුළු වූයෙමු....
තව කියවන්න
|
26-November-2022
![]()
ජාතික සුමැඳි මව් රැලිය පසුගිය නොවැම්බර් මස 26 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා මීගමුව පුබුදු නිවසේ දී පැවැත්විණි....
තව කියවන්න
|
04-November-2022
![]()
ශුද්ධ බයිබලය හා දේව ප්‍රේමයේ අනාවරණය හොහොත් බයිබල් ඥානකාන්තිය පසුගිය නොවැම්බර්මස 04
වන දින පස්වරු 1.00 සිට නොවැම්බර් 08 වනදා දක්වා ශ්‍රී ප්‍රශංසාරාමයේ දී පැවැත්විණි....
තව කියවන්න
|
04-November-2022
![]()
යුගයේ දිවැසිවරයාණන් සමිඳු තුරුළට නික්ම පළමු වර්ෂ පූර්ණය. පසුගිය නොවැම්බර් මස හතර (4) වන දින අප කිතු දන පුබුදු ආරම්භක නියමුවාණන් වන අප ආදර ස්වාමි තාත්තා, පූජක සිරි ඔස්කා අබයරත්න සමිඳු තුරුළට පිවිසි ප‍්‍රථම වර්ෂ පූර්ණ සිදු විය....
තව කියවන්න
|
20-November-2022
![]()
කිතු දන පුබුදුවෙහි ඉදිරි වසර මුල්කරගනිමින් මහෝත්තම සමිඳාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට කිතු දන පුබුදු නායකත්වය දරණ සියලූම මව්-පිය දූ
පුතුන් පසුගිය නොවැම්බර් මස 19 සහ 20 දෙදින ශ‍්‍රි ප‍්‍රශංසාරාමයට එක් වූහ....
තව කියවන්න
|
යාච්ඥාවක් අවශ්‍යද?
ඔබගේ කුමන තත්ත්වයකට උවද යාච්ඥාවක් අවශ්‍ය නම්,
අපි ඔබ වෙනුවෙන් යාච්ඥාවක් කරන්නම්!
අධ්‍යාත්මික මගපෙන්වීමක් අවශ්‍යද?
ඔබගේ ජීවිත අත්දැකීම බෙදා ගන්න
අපි ඔබට උදව් වෙන්නම්.
වේලාවක් වෙන්කර ගැනීමට පෙ.ව. 9ත් සවස 6ත් අතර අමතන්න
වෛද්‍ය ඩෙල්රින් වනිගරත්න තාත්තා
+94 718 505 826 or +94 776 854 007
ශ්‍රී ප්‍රශංසාරාමය. [ප්‍රධාන මධ්‍යස්ථානය]
වල්පොල,
රාගම, ශ්‍රී ලංකාව.