උපදේශක මණ්ඩලය සැකසෙන්නේ දිවැසි එකතුවේ සේවාවේ යෙදී සිට එම සේවාව අවසන් කළ අයගෙනි. උපදේශක මණ්ඩලයෙන් බලා පොරොත්තු වන මූලික කාර්යය වන්නේ ඔවුන් දිවැසි එකතුව තුළ ගමනේ දී ලබා ඇති ප‍්‍රඥාව, අත්දැකීම් පාදක කර ගනිමින් දිවැසි එකතුව සඳහා යම් ආකාරයක උපදේශයන් ලබා දීම තුළින් දිවැසි එකතුවට යම් අන්දමක උපකාර වීම වේ. ඉන් අපේක්ෂා වන්නේ එක්තරා අන්දමකින් දිවැසි එකතුවෙන් ඉටු වන කාර්ය භාරය සම්බන්ධව අධීක්ෂණයක යෙදී සිටිමයි. එහිදී පුබුදු දර්ශනයට පුබුදු කරිස්මාවට හෝ ශුද්ධවූ සභාවේ ගුරු බලයට පටහැනිව යම් තීන්දු තීරණ ගන්නවා නම් එහිදී දිවැසි එකතුව සමඟ සංවාදශීලීව නිසි මං ගැන්වීම අපේක්ෂා කෙරේ.

උපදේශක මණ්ඩලය කුඩා සංඝයක් ලෙස එකතු පැවැත්වීමට හැකි අතර යාච්ඤාවෙන් හා මැදිහත් යාච්ඤාවෙන් දිවැසි එකතුව වෙනුවෙන් දෙවි සමිඳුන් අභිමුව පෙනීසිටීමට හැකි නමුත් පුබුදු ගමන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට හෝ ක‍්‍රියාත්මක කිරීමට උපදේශක මණ්ඩලය ට නොහැකිය. තවද දිවැසි එකතුවේ ගන්නා තීන්දු තීරණ පිළිබඳව බලපෑම් සිදු කිරීමට ද නොහැකිය.

එහෙත් යම් ආකාරයකට දිවැසි එකතුව යම් තීන්දු තීරණ ගන්නට පෙර උපදේශක මණ්ඩලයේ අදහස් හා යෝජනා ආදිය පිළිබඳ විමසන අවස්ථාවක දී එයට දායක වී උපදෙස් මට්ටමෙන් උපකාරී වීමේ අවස්ථාව ඇත.

උපදේශක මණ්ඩලයේ සංයුතිය
  1. එහි සංයුතිය සමන්විත වන්නේ සාමාජිකයන් හතර දෙනෙකුගෙන් ය.
  2. එහි සංයුතිය හතර දෙනෙකු බැවින් අළුත් සාමාජිකයන් එකතු වන සෑම වාරයකදීම සිටින සාමාජිකයන්ගෙන් එක් අයෙකු හෝ කීප දෙනෙක් ඉවත් විය යුතුය.

උපදේශක මණ්ඩලයේ වගකීම්
  1. ඔවුන් ලබා ඇති පරිණත භාවය හා අත්දැකීම් මත අවශ්‍ය අවස්ථාවන්හිදී දිවැසි එකතුවට උපදෙස් දීම බලාපොරොත්තු වේ.
  2. පවතින දිවැසි එකතුව මෙම උපදෙස් නිතැතින්ම සැළකිල්ලට භාජනය කළයුතු අතර ඒවා ක්‍රියාවට නැංවීමට බැඳී නැත.
  3. ජාතික විමසීම් එකතුව රැස්වන සෑම අවස්ථාවකදීම ජාතික උපදේශක මණඩලය එහි සාමාජිකත්වය දරයි.