වර්ෂ 1975 පමණ වෙත් දී බොහෝ තරුණියන් පිරිසක් පුබුදු ගමනට එක් වී සිටියහ. තරුණි අංශයක් වශයෙන් ගොඩනැගෙත් දී, මුහුණදෙන අත්දැකීම්වල වෙනස්කම් අනුව, වයස් කාණ්ඩ දෙකකට වෙන් කරන ලදී. ඒ අනුව අවුරුදු 30ට වැඩි තරුණියන් ”වැඩිහිටි තරුණියන්” ලෙස නම් කරන ලද අතර, මාසික ව එකතු වන රැුස්වීම්වල දී ඔවුන් මුහුණ දෙන ගැට`ඵවලට පිළිතුරක් වන ඉගැන්වීම් ද ඔවුනට ලබා දෙන ලදී. පසුකලෙක ගරු සිරි ඔස්කා අබයරත්න (ස්වාමි තාත්තා* පියතුමා මෙම සංඝයේ අනන්‍යතාවය ”සුරැුඳි” යනුවෙන් නම් කළේ වර්ෂ 1985 දී ය. එතුමාගේ ම`ගපෙන්වීම වූයේ සුරැුඳි” කැඳවීම (අවිවාහක තත්ත්වය* දෙවියන් වහන්සේගෙන් ලැබුණු කැඳවීමක් බව ය. තවද, මේ කැඳවීම දෙවියන් වහන්සේගේ හස්තයේ රැුඳෙමින් ගමන් කරන්නට ලැබුණු ආරාධනාවක් බව ය. එතුමා තවදුරටත් කරුණු දක්වමින් පැවසුවේ අවිවාහක ව මෙසේ පිළිතුරු දීමට තෝරාගැනීම අහම්බෙන් සිදුවූවක් නොවන බවත් එය ද දේව කැඳවීමක් බවත් ය. එහෙත් ”සුරැුඳි” සංඝය ජීවමාන කි‍්‍රස්තුන් වහන්සේ මනාලයා ලෙස බාරගෙන දෙවිඳුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා දෙවිඳුන් අත්දකිමින් යන සුදතුම් ගමනක යෙදෙන බව කිව හැකි ය. සංඝය තුළින් ලැබෙන ශක්තිය පෝෂණය තුළින් සුරැුඳි සොයුරියන් අභ්‍යන්තර පී‍්‍රතියක්, නිදහසක් තම ජීවිත තුළ අත්දකින බව පැවසිය හැකි ය.

"සු"
  • සුභාරංචියට කැපවුණු
  • සුභාරංචියට බැඳුණු
  • සුහදතාවය අත්දකින
  • සුන්දරත්වයට සාක්ෂි දරණ
  • සුරක්ෂිතභාවයට පිළිතුරක්
"රැ"
  • රැඳිය යුත්තේ දේව වචනය තුළ
  • රැඳිය යුත්තේ දේව හස්තයේ
  • රැඳිය යුත්තේ යාච්ඤා ජීවිතය තුළ
  • රැඳිය යුත්තේ දිව්‍ය සත්ප‍්‍රසාදීය සමිඳුන් තුළ විශ්වාසයෙන්
"දි"
  • දිවිය - ජීවිතය - කුරුසිය පාමුල සංඝය හා එක් වී

ආරම්භක අවදියේ දී තම සාංඝයන් හී යම් යම් දූත සේවාවන්වල සුරැඳි සොයුරියන් යෙදුණහ. ඉන් ටික දෙනෙක් නේවාසික ව සිටිමින් පූර්ණකාලීන සේවාවට කැප වී සිටිති. මේ වෙත්දී පුබුදු මූලස්ථානය වන ශ්‍රී ප‍්‍රශංසාරාමය තුළ සොයුරියන් 10 ක් පමණ නැවතී විවිධ සේවාවන්වලට දායකත්වය දෙති.