දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වෙත දක්වන්නා වූ පේ‍්‍රමය ක‍්‍රිස්තියානි ජීවිතයේ අත්දැකීමක් හරහා යොමු කිරීමට සහාය වන දේශන 18කින් සමන්විත, ආරාමයක නේවාසික ව පැවැත්වෙන පස්දින ඥානකාන්තියකි. උත්පත්ති කතාවේ සිට යුගාන්ත සමාජය දක්වා විකාශනය වන මහා සැලැස්මේ සැඟවී ඇති දෙවියන් වහන්සේගේ කොන්දේසි රහිත අමිල පක්ෂපාතී පේ‍්‍රමය අත්දැකීමක් කරගැනීමට සහාය වන මෙම ඥානකාන්තිය පුබුදුවට ඇතුළත් වන සියලූ දෙනාට අනිවාර්ය කර ඇත. "දේව පේ‍්‍රමය අනාවරණය ඥානකාන්තිය" ලෙස මෙන් ම "බයිබල් ඥානකාන්තිය" ලෙසින් ද මෙය නම් කර ඇත.

එලෙස හඳුන්වනු ලබන්නේ උත්පත්ති පොතේ සිට එළිදරව් ග‍්‍රන්ථය දක්වා ගැලවීමේ ඉතිහාසයේ සමස්ත දැක්මත්, දේව පේ‍්‍රමය අනාවරණය සහ මේ පේ‍්‍රමයේ විවිධ පැතිකඩ පුරාණ ගිවිසුමේ දේව ජනතාව මෙන් ම නව ගිවිසුමේ දේව ජනතාව ද අත්දුටු ආකාරය විශේෂයෙන් අවධාරණය කරමින් දෙවියන් වහන්සේගේ පේ‍්‍රමයේ ලක්ෂණ ගණනාවක් අනාවරණය කිරීම එමගින් සිදු කරන බැවිනි. මෙම ඥානකාන්තිය ශුද්ධ ලියවිලි පදයක්, බයිබලයේ එක තැනකින් ද තවත් පදයක් තව තැනකින් ද අහුලාගෙන විකෘති අර්ථකථන දීමේ අවදානමින් ජනතාව මුදවා ගැනීමට උපකාරී වේ.