"පෞද්ගලික යාච්ඤාව" නොහොත් "මගේ පැය"ට ඇතුළු වීම සෑම කිතු දන පුබුදු සාමාජිකයෙකුගේම යාච්ඤා ජීවිතයෙහි අත්‍යවශ්‍ය අංගයකි. පුබුදු කැරිස්මාවේ සිව් ඝනයේ දීමනාවන් අත්දකින්නට මගේ පැය තුළින් ද මඟපෙන්වීම් ලැබී ඇති අතර පසුකලෙක ස්වාමි තාත්තා විසින් හඳුන්වාදෙන ලද "රාජ්‍යය සඳහා පුතෙකුට පුතෙක්" යන ධ්‍යානපර යාච්ඤා වැඩපිළිවෙල ඔස්සේ මගේ පැයේ අත්දැකීමෙහි ගැඹුරට ගමන් කරන්නට මගපෙන්වීම් ලබා දී ඇත.

ඉහත තේමාව ඔස්සේ විශේෂ අතදීම් 24 ක් මඟින් කිතු දන පුබුදු කැරිස්මාව පදනම්ව ධ්‍යානපර යාච්ඤාවේ මඟපෙන්වීම් සහ පුහුණුව ගොඩනැගුණි. 2001 සැප්තැම්බර් 21 සිට ඇරඹි මෙම වැඩපිළිවෙළට පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා (ස්වාමි තාත්තා) මාර්ගෝපදේශය ලැබුවේ ශුද්ධවු II වන ජුවාම් පාවුලූ ශුද්ධෝත්තම පියාණන්ගේ "දියඹට දියත් කරන්න" යැ'යි මුළු ශුද්ධවු සභාවට ම කරන ලද අවදි කිරීමයි.