දෙසැම්බර් 22 සන්ධ්‍යාවේ සිට නත්තල් දින උදෑසන දක්වා නේවාසික ව පැවැත්වෙන සම්මේලනයකි. මාංශගත වූ ශ‍්‍රී වචයාණන් පිළිබඳ බයිබලය හා වත්පිළිවෙත් සම්බන්ධ අත්දැකීමකට යොමු කරමින් නත්තලේ පුහු වටිනාකම් බිඳ හැර සත්‍යයට ළං වීමට උපකාරී වන සමුළුවකි. මෙම සම්මේලනයට සමිඳාණන් වහන්සේගේ උපත පිළිබඳ ව සුවිශේෂක ලූක් තුමන් සහ මතෙව් තුමන් සඳහන් කරන කිතු උපත සම්බන්ධ ව අධ්‍යයනයක් මෙන් ම ජොහාන් තුමන්ගේ පූර්විකාව සම්බන්ධ අධ්‍යයනයක් ද වේ. මේ සම්මේලනය තුළ සිත් බඳනා අංගයක් වනුයේ කණ්ඩායම් වශයෙන් වඩාත් ම සංකේතාත්මක ගවලෙන සෑදීමේ දර්ශනයයි. එක් අංශයක් ශුද්ධවූ මතෙව් තුමන්ට හා ශුද්ධවූ ලූක් තුමන්ට අනුව ගවලෙන් නිර්මාණය කරන අතර අනෙක් අංශය ශුද්ධවූ ජොහාන් තුමන්ගේ සුභාරංචිය අනුව හා තත්කාලීනව සුපුවත දෙන ආකාරයට ඉදිරිපත් කරයි. නත්තල් මධ්‍යම රාත‍්‍රී දිව්‍ය පූජාවෙන් අවසන් වන මෙම සම්මේලනය නව උපතක් ජීවිතය තුළ අත්දකිමින් සැබෑ නත්තලේ ප‍්‍රීතිය අත්විඳින්නට අත්දකින්නට සලසන බව අපගේ අත්දැකීමයි.