මෙය මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය පිළිබඳව කරන සෙවිල්ලකි. එම සම්මේලනයේ ඉදිරිපත් කරන්නේ මේ ලෝකයේ ජීවත්වන සියලූ මනුෂ්‍යයන් අයත් ස්වභාවයන් නමයක් තිබෙන බවයි. සෑම මනුෂ්‍යයෙකුම මෙම ස්වභාවයන් නවයෙන් එකකට අයිතිබව මෙයින් උගන්වනු ලබයි. මෙය ස්ව අනාවරණ සංකල්පයේ මූලික පදනම යි.

ඝන සම්මේලනය ලෙස ද මෙය හඳුන්වන අතර අප හැම කෙනෙකු තුළම දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඝනයක් හෙවත් අධික පෙළඹීමක් (ස්වභාවයන් නවයෙන් එකක්) පිහිටා ඇත. කිතු දන පුබුදු ගමන තුළ තමාව අවබෝධ කරගැනීමට හා එකිනෙකා සමග සාංඝීක වීමට මෙම සම්මේලනය මහත් උදව්වකි. එමෙන්ම පාපය පිළිබඳව සාමාන්‍යයෙන් නොදකින පැතිකඩක් මෙමඟින් එළිදරව් කරනු ලබයි. එහි කතා කරන ස්වභාවයන් නවය පුජක සිරි ඔස්කා අබයරත්න පියතුමා(ස්වාමි තාත්තා) "නව අගුණ පව්" නවය ලෙස ද අපට හඳුන්වා දෙන ලදී.