1996 වසරේ ‘අත්හරින්න’ යන වදනත් සමගින් කිතු දන පුබුදුවේ ව්‍යුහාත්මක පෙරළියක් ඇති කරමින් කිතු දන පුබුදුවෙහි දෙවන යුගය උදා විය. 1971 සිට 1996 දක්වා වසර 25 ක කාලයක් පුරා කිතු දන පුබුදුවේ විකාශනය සංයුතිය හා ව්‍යූහාත්මක පරිපාලනය අප ආරම්භක පියතුමන් ප‍්‍රමුඛව පැවතිය ද 1996 දී ලද තේමා වදනත් සමගින් එතුමන් තමන් එතෙක් දැරූ සියලූ නායකත්වයන් ද පරිපාලනය ද අත්හරිමින් කිතු දන පුබුදුවෙහි නායකත්වය ද පරිපාලනය ද ‘ගිහි නායකත්වය’ වෙත භාර දෙනු ලැබී ය. ඒ අනුව කිතු දන පුබුදුවෙහි මූලික නායකත්වය ”දිවැසි එකතුව” ලෙස නම් කළ අතර එය ගිහි හා සුබැඳි සුසංයෝජනයෙන් යුතු විය. අපගේ පුබුදු කැරිස්මාවේ පළමු අත්දකීම අනුව යමින් දෙව්මව් කෙරෙහි දක්වන බැතිය අගය කරමින් දිවැසි එකතුවේ මූලිකත්වය කාන්තාවක් වෙතය. පළමුව සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වුව ද පසුකාලීන ව එහි භාරදූරත්වය සහ වගකීම් සහගතභාවය හේතුවෙන් 5 දෙනෙකුගෙන් සමන්විත විය. කිතු දන පුබුදුවෙහි ජනතාවට නායකත්වය දෙන්නේ දිවැසි එකතුව ය.

"දිවැසි" යන වචනය ඔවුන්ගේ මූලික කාර්යය හඳුන්වා දෙයි. එනම් කිතු දන පුබුදු සංඝය සම්බන්ධව අධ්‍යාත්මික, විනය, පරිපාලනය යන මේ සියලූ කාරණා සම්බන්ධයෙන් ආරම්භක පියතුමන්ගේ ස්ප‍්‍රිතුව හා දර්ශනය මත ගොඩනැගුණු කිතු දන පුබුදු අධ්‍යාත්මිකත්වයට අනුව දේව වචනය පැහැදිලි කිරීමයි. ඔවුන්ගේ වචනය දේව වාක්‍ය ස්පිරිතුවට හෝ ශුද්ධවූ කතෝලික සභාවේ ජීවමාන සම්ප‍්‍රදායට විරුද්ධව නොයා යුතු අතර සභාවේ ගුරු බලයට යටත්ව පවතී.