සියලුම වගකීම් ගන්නා අය සඳහා ත්‍රෛමාසික කඳවුර 2023 මාර්තු මස 18 හා 19 යන දිනයන් හී පැවැත්විය.

21-March-2023

සියලුම වගකීම් ගන්නා අය සඳහා පවත්වන ත්‍රෛමාසික කඳවුර 2023 මාර්තු මස 18 හා 19 යන දිනයන් හී ශ්‍රී ප්‍රශංසාරමයේ දී පවත්වන ලදි.

පුබුදු ජනතාවක් ලෙස අප ඉදිරිපිට තිබෙන සියලු අන්ධකාරයන් ද අභියෝගයන් ද මුල් කරගෙන  සත් සතියක් පුරා ජෙරිකෝ පාගමනෙහි යෙදුණ පුබුදු ජනතාව මෙවර  කඳවුරේ (සෙනසුරාදා දින) සත්වන දිනය ලෙස සත්වරක් ජෙරිකෝ පාගමනෙහි යෙදෙමින් කිතු දන පුබුදුව උදෙසා ගැඹුරු මැදිහත්වීමක යෙදුනි. ඒ් සඳහා සාංඝීකයන් හී ජනතාව ද ශ්‍රී ප්‍රශංසාරාමය වෙත පැමිණි අතර ආරාම භූමියෙ හි මහත් ඔල්වර හඬනගමින් ගැඹුරු ප්‍රශංසාවක යෙදුණි. ජනතාව ප්‍රශංසාව මධ්‍යයේ වැඩ වසන දෙවි මහෝත්තමයාණන්ගේ මහත් වූ බලය අත්විඳින්නට වූහ. තෝරාගත් ජනතාව පොරොන්දු දේශය කරා යන ගමනේදී ජෙරිකෝ නගරය අත්පත් කර ගැනීමට යොමු වූයේ ජෙරිකෝ පවුර බිඳිමිනි. එය සිදු වූයේ ප්‍රශංසාවේ බලය තුළිණි. එලෙස ප්‍රශංසාවේ බලය අත්දකින පුබුදු ජනතාවක් ලෙස අප ද යුගයෙන් යුගයට මුහුණ දෙන අභියෝග සමඟ දෙවි මහෝත්තමයාණන්  වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරමින් ද ඔවුන් වහන්සේ මත පමණක් යැපෙමින් ද අපට ගමන් කිරීමට ඇති ගමන පිළිබඳ ඉමහත් පන්නරයක් අත්දකින්නට වූහ.

 ශුද්ධවූ කතෝලික සභා මාතාවට පක්ෂපාතිව වසර පනස් එකක් පුරා පැමිණි පුබුදු ජනතාවට මේ යුගයේ මුහුණ දීමට සිදුව තිබෙන අභියෝග සමග අප යා යුතු ගමන හා කිතු දන පුබුදුව ලෙස අපගේ ස්ථාවරත්වය පිළිබඳව ජාතික දිවැසි එකතුවේ බ්‍රියට්‍රිස් බෙන්හර් අම්මා විසින් පැහැදිලි කරන්නට යෙදුණි. රන්ජනා අම්මා  විසින් යුගයේ අප මුහුණ දෙන අභියෝග සමඟ ශුද්ධාත්ම බලයෙන් වඩාත් ධෛර්ය සම්පන්නව මුහුණ දීමට අප ලබා තිබෙන දේව පුත්‍රභාවයේ කැඳවීමට අවදිකරන්නට විය. මේ යුගයේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මුළු විශ්ව සභාවට ආරාධනා කරන සංගමනයේ සභාවක් වීමට කරන ඇරයුමටත්, කුරුස පාමුල විශ්මත් විශ්වාසය පිළිබඳව ද පුබුදු නායකත්වය දැනුවත් කරන ලදි. පීඩාව මැද වූව ද මුල් ශ්‍රාවකයන් ශුද්ධාත්ම ස්නාපනයේ බලය තුළ දූත කාර්යයෙහි යෙදුන පරිදි ගැඹුරු ශුද්ධාත්ම ස්නාපනයක් අත්දකිමින් කරන ලද යාච්ඤාව සමඟ මෙවර ජනතාව තම සංඝ, සාංඝීකයන් කරා ගමන් කරනු ලැබුයේ අභියෝගයට මුහුණ දුන් මුල් ශ්‍රාවකයන්ගේ අත්දැකීමට සාක්ෂි දැරීමටය.